
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වූ බව කියන සිද්ධියට අදාළව මහජන නියෝජිතයන් 22 දෙදෙනකු ලබාගත් ප්‍රථිකාර සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නැයි, රජයේ සහ පෞද්ගලික රෝහල්වල අධ්‍යක්ෂකවරුන්ට අධිකරණය නියෝග කර තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවේ කළ ඉල්ලීමක් සළකා බලමිනි.
විමර්ශනයට ලක්කෙරෙන මන්ත්‍රීවරුන් විදේශ රෝහල්වලදී ප්‍රතිකාර ලබාගෙන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය ලබාදෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියට ද අධිකරණය නියෝග කළේය.
2008 සිට 2014 දක්වා ජනාධිපති අරමුදලින් හිටපු මැති ඇමතිවරුන් 22 දෙදෙනකු රුපියල් කෝටි 10කට අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විමර්ශන සිදුකරයි.
ඊට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart