May 10, 2025

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස වර්ගීකරණය කිරීමෙන් මතු වූ ගැටලු විසඳීමේ හැකියාවක් තිබේද යන්න අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.

එක්දින නායක චරිත් අසලංක, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සහ ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වන චමරි අතපත්තු සහ අනුෂ්කා සංජීවනී යන පිරිස ගොනු කළ රිට් පෙත්සම්වලට අනුව අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් සහ විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම නියෝගය නිකුත් කළහ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස වර්ගීකරණය කිරීම පෙත්සම්කරුවන් අභියෝගයට ලක්කර තිබේ.

පෙත්සම මැයි 15 වැනි දින නැවත කැඳවීමට නියමිතය.