
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාරක අනතුරකින් පසු මිනීමැරුම් චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවකු රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගයක් අභියාචනාධිකරණය විසින් අවලංගු කර තිබේ.
සිද්ධිය මෝටර් රථ වාහන පනත යටතේ වර්ගීකරණය කර ඇති බව පරීක්ෂා කිරීමේදී පෙනීයෑම ඊට හේතුවයි.
අනතුරෙන් පොතුහැර පදිංචි නීතිඥ බුද්ධදේව ගුණරත්නට ජීවිතය අහිමි වී තිබිණි.
මිනීමැරුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරු විසින් ගොනු කරන ලද ප්‍රතිශෝධන අයදුම්පතක් සළකා බැලීමෙන් පසු, වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා ලබා ගත හැකි කරුණු සළකා බැලීමට නඩු වාර්තාව නීතිපතිවරයා වෙත යැවීමට විනිසුරු අමල් රණරාජා සහ විනිසුරු සසි මහේන්ද්‍රන්ගෙන් සමන්විත ද්වීපුද්ගල විනිසුරු මණ්ඩලය කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේය.
පෙත්සම්කරු විසින් සිදු කරන ලදැයි කියන වරද මෝටර් රථ වාහන පනතේ විධිවිධානවලට යටත් වේද නැතහොත් මිනීමැරුම් වරදක් ලෙස සැළකෙනවාද යන්න නිසි ලෙස තක්සේරු කිරීමට මහේස්ත්‍රාත්වරයා අපොහොසත් වී ඇති බව අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් විය.
පෙර නියෝගයෙන් පනවා ඇති කොන්දේසි මත සැකකරු නිදහස් කිරීමට අභියාචනාධිකරණ විනිසුරුවරයා මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේය.
දොඩම්ගස්ලන්දේ පදිංචිකරුවකු වන ප්‍රදීප් ලංකා එදිරිසිංහ වන සැකකාර ව්‍යාපාරිකයා කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත වහාම ඉදිරිපත් කරන ලෙස අධිකරණය බන්ධනාගාර බලධාරීන්ට තවදුරටත් නියෝග කළේය.
2025 අප්‍රේල් 6 වැනිදා මෙම මාරක අනතුර සිදුවී තිබිණි.
පෙත්සම්කරු මත්ද්‍රව්‍ය භාවිත කර සිටි අවස්ථාවක නීතිඥවරයා පදවාගෙන ගිය වාහනයේ ගැටී තිබූ අතර එහිදී නීතිඥයා මියගොස් තිබිණි.
ඒ අනුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දී තිබිණි.
කෙසේවෙතත්, මෝසමක් ගොනු කර අගතියට පත් පාර්ශ්වය විසින් සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසු, පෙත්සම්කරු මිනීමැරුම් චෝදනාවක් මත නැවත අත්අඩංගුවට ගෙන එම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
ඒ එය ඝාතනයක් බව දැක්වීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට වූ තර්කය පිළිගනිමිනි.
එස්. පීරිස් සමඟ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර, රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart