
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව තුළ ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.
ඒ,බටහිර රටවල විවේචනයට ලක් වූ සහ රට තුළ විරෝධතාවලට තුඩු දුන් ‘විදේශීය නියෝජිතයන්’ පිළිබඳ මතභේදාත්මක පනතක් ගෙන ඒමට පාලක පක්ෂ මන්ත්‍රීවරුන් උත්සාහ කිරීමත් සමඟයි.
ජෝර්ජියාවේ රූපවාහිනී නාලිකා ඔස්සේ ඊයේ විකාශය වූ දර්ශන මගින් පාලක ජෝර්ජියානු Dream පක්ෂයේ පාර්ලිමේන්තු කන්ඩායමේ නායක සහ මතභේදාත්මක පනත ගෙන ඒමට දායක වූ මන්ත්‍රී මාමුකා ම්ඩිනරාඩ්සේ පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වමින් සිටියදී විපක්ෂ මන්ත්‍රී ඇලකෝ එලිසෂ්විලි විසින් ඔහුගේ මුහුණට පහර දෙන ආකාරය පෙන්නුම් කෙරිණි.
අනතුරුව ඒ සඳහා තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්වීමත් සමග පාර්ලිමේන්තුව තුළ පුළුල් ගැටුමක් නිර්මාණය වූ බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
පනතට විරෝධය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත රැස්ව සිටි විරෝධතාකරුවන් විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයාට පහරදුන් විපක්ෂ මන්ත්‍රී ඇලකෝ එලිසෂ්විලි ප්‍රීති ඝෝෂා නගමින් පිළිගන්නා අයුරු ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart