
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාව වන ෂී යැන් 6(Shi Yan 6) ඉන්දියාවේ සුවිශේෂී ආර්ථික කලාපයට ආසන්නව පර්යේෂණ හෝ නිරීක්ෂණ කටයුතුවල නිරත වන බව අන්තර්ජාතික සමුද්‍ර ගමනාගමන නිරීක්ෂණ වේදිකාව අනාවරණය කරයි.
මෙම නෞකාව ඉතා මන්දගාමී වේගයකින් නිකොබාර් දූපත් ආසන්නයට ගමන් කරමින් තිබූ බව වාර්තා වේ.
මෙම නෞකාව මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියන් සාගරයට ඇතුළු වූ අතර, එය ඊයේ නිකොබාර් දූපත් ආසන්නයේ නිරීක්ෂණය වී තිබේ.
එතැන් සිට ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් තිබූ නෞකාව, පසුව බෙංගාල බොක්ක දෙසට හැරී ඉන්දියාවේ සුවිශේෂී ආර්ථික කලාපයට ආසන්නව පිහිටි නිකොබාර් දූපත් දෙසට ගමන් කර ඇත.
මෙම යාත්‍රාවේ ගමන් මග නිරීක්ෂණය කිරීමේදී, ෂි යැන් 6 නෞකාව ඉන්දියන් සාගරයේ පතුලෙහි පිහිටි ඒකමාන ව්‍යුහයක් වන ‘නයින්ටි ඊස්ට් රිජ්’ ඔස්සේ ගමන් කරන බව නිරීක්ෂණය වී තිබේ.
පසුගිය වසර තුන තුළ දිවයිනට පැමිණි පැමිණි යුවාන් වැන්ග් 5 සහ ෂියැං යැං හොං නෞකාද නයින්ටි ඊස්ට් රිජ් නමින් හැඳින්වෙන ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත වී ඇති බව වාර්තා සඳහන් කරයි.
පසුගිය දශක දෙකක කාලය තුළ ඉන්දියාව සහ එක්සත් ජනපදයද මෙම ප්‍රදේශයේ විවිධ පර්යේෂණ ව්‍යාපෘතිවල නියැළී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart