
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවිස්සාවේල්ල ප්‍රදේශයේ විනිසුරුවරයෙකුගේ නිල රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු මත්පැන් පානය කර මාර්ගයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 12 වැනිදා විනිසුරු නිල නිවෙසේ රාජකාරි යොදවා සිටියදී එම ස්ථානයෙන් බැහැරව ශාන්ත මරියා විද්‍යාලය අසල මාර්ගයේ ඉතා අපහසුවෙන් සිටින අයුරු ජංගම සංචාරයේ නිලධාරීන් දැක තිබූ බව පොලිසිය කියයි.
එම නිලධාරීන් කොස්තාපල්වරයා අසලට පැමිණ පරීක්ෂා කිරීමේදී කටින් මත්පැන් ගඳ වහනයවීම හේතුවෙන් අධිකරණ වෛද්‍ය පෝරමයක් යටතේ අවිස්සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බීමත්ව ඇති බවට වෛද්‍ය වාර්තාවක් ලබාදී ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම කොස්තාපල්වරයා මීට දින කීපයකට ඉහතදී කෑගල්ල පොලිස් කොට්ඨාසයේ දැඩිගම පොලිස් ස්ථානයේ සිට ස්ථාන මාරුවක් ලැබ අවිස්සාවේල්ල පොලිසියට අනුයුක්ත කර සිටි බව පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල්වරයාගේ රාජකාරි වැඩ තහනම් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න ජයලත්ගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart