
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මොරටුව-පිටකොටුව මාර්ග අංක 101 පෞද්ගලික බස් රථයක පික්පොකට් ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මගියකුගේ මුදල් පසුම්බිය සොරකම් කිරීමේදී ඔහු අතටම හසුවී ඇති අතර, එය දුටු සෙසු මගීන් එය හිමිකරුට හෙළිකර ඇති බව පැවැසේ.
මගීන් ඔහු අල්ලා පොලිසියට භාර දී ඇත.
සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු බවත් ඔහු මගීන්ගේ මුදල් හා වටිනා භාණ්ඩ සොරකම් කිරීමට පෙළඹී ඇති බවත් විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
සිද්ධියට මුහුණ දී ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ සිට මොරටුව බලා ගමන් කරමින් සිටි මගිකි.
කොන්දොස්තරවරයා මීට පෙරද මෙවැනිම සිදුවීම්වලට සම්බන්ධවී ඇති බවට පොලිසිය සැකකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart