
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට ත්‍රිකුණාමලය හරහා කොළඹට තෙල් බෙදා හැරීමේ නළ මාර්ගයක් සඳහා ඉන්දියානු තෙල්සංස්ථාව (IOC) ඉදිරිපත් කළ යෝජනාව ඇගැයීමට රජය විසින් කමිටුවක් පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නවදිල්ලි නුවරට පැමිණීමට දින කිහිපයකට පෙර මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.
එම කමිටුව ළඟදීම පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. කේ. මාපා පතිරණ පවසයි.
මෙම යෝජනාව විශ්ලේෂණය කිරීමට විශේෂඥ සහාය අවශ්‍ය වනු ඇතැයිද ඔහු සඳහන් කරයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අතර පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව එම කමිටුවේ සංයුතිය පිළිබඳව තීරණය කිරීමට ඉඩ ඇති බව විෂයට සමීප රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරයි.
චෙන්නායි පෙට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඩ් (CPCL) හවුල් ව්‍යාපාරයක් හරහා ආරම්භ කර ඇති නාගපට්ටිනම්හි පිරිපහදුවේ, වසරකට මෙට්‍රික් ටොන් මිලියන නවයක ඉන්ධන පිරිපහදු පහසුකම් පවතින අතර, එය දේශීය ගබඩා සමග සම්බන්ධ කරන නළ මාර්ගයක් ස්ථාපිත කිරීමට ලංකා ඉන්දීය තෙල් සමාගම (IOC) උනන්දු වන බව ඔහු පවසයි.
ත්‍රිකුණාමල බොක්කෙහි නව පිරිපහදුවක් ඉදිකිරීමට වඩා මෙම නල මාර්ගය IOC විසින් පිහිටුවීම වඩාත් ලාභදායී විකල්පයක් වියහැකි බව ද ඔහු පෙන්වාදෙයි.
පසුගිය සතියේ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, IOC යෝජනාව පිළිබඳව සාකච්ඡා කළ බවයි.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, CPC, CPSTL, PDASL, IOC සහ LIOC යන ආයතනවල නිලධාරීන් එම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart