
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 අප්‍රේල් 25 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ ප්‍රථමවරට හරිත බැඳුම්කර ලැයිස්තුගත කිරීම සහ වෙළඳාම් කිරීම හඳුන්වාදෙයි.
හරිත බැඳුම්කර සංකල්පය යටතේ, ලැබෙන ආදායම දේශගුණය හෝ වෙනත් පාරිසරික ප්‍රතිලාභ ජනනය කරන හරිත ව්‍යාපෘති සඳහා පමණක් ආයෝජනය කෙරේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ජේෂ්ඨ උප සභාපති(අලෙවිකරණය) නිරෝෂන් විජේසුන්දර පෙන්වාදෙන ආකාරයට පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව, තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය, තිරසාර ඉඩම් භාවිතය (වන වගාව සහ කෘෂිකර්මය), ජෛව විවිධත්වය, වායු දූෂණයකින් තොර ප්‍රවාහනය සහ පිරිසිදු ජලය හා සම්බන්ධ ව්‍යාපෘති දැක්විය හැකිය.
ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ හරිත බැඳුම්කර නිකුත් කිරීම සඳහා රෙගුලාසි සක්‍රිය කිරීමේ පරමාර්ථය වන්නේ හරිත ව්‍යාපෘති සඳහා යොදා ගන්නා ප්‍රාග්ධනය රැස් කර ගැනීමට සහ හරිත බැඳුම්කරයෙන් ලැබෙන ආදායම භාවිත කිරීමේදී වැඩි විනිවිදභාවයක් සහ වගවීමක් ඇති කිරීමට ශ්‍රී ලංකාවේ ආයතනයන්ට පහසුකම් සැලසීම මෙන්ම බැඳුම්කරයේ ආදායම භාවිත කරන ලද හරිත ව්‍යාපෘතිවල බලපෑම වාර්තා කිරීම සහතික කිරීමයි.
නිරෝෂන් විජේසුන්දර වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට හරිත බැඳුම්කර, විභව නිකුත් කරන්නන් සහ ආයෝජකයන් සඳහා නව ආයෝජන වත්කම් පන්තියක් ලෙස හඳුනාගත හැකිය. හරිත බැඳුම්කර නිකුත් කිරීමෙන්, නිකුත් කරන්නෙකුට හරිත ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන විදේශීය ආයෝජක පදනමක් වෙත අවතීර්ණ වීම සමගින් පුළුල් ප්‍රාග්ධන සංචිතයකට ප්රවේශ වීමේ හැකියාව උදාවෙනු ඇත. මෙයට පරිසරය හා සම්බන්ධ ගැටළු පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීම සහ විශේෂඥතාව ගොඩනැගීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි අතර, එමගින්, බැඳුම්කරයෙන් ලැබෙන ආදායම භාවිතයේ වැඩි විනිවිදභාවයක් ඇති කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart