
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බැතුමතුන් කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇතැයි ‘අද දෙරණ’ වාර්තා කරයි.
කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට යන බොහෝ බැතිමත්තු පූජා වට්ටිය සමග පොල් ගැසීමට පොල් ගෙඩියක් රැගෙන යෑමට අමතක නොකරති.
ශාන්තිකර්මවලදීද පොල් ගෙඩියට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.
කතරගම ගොස් පොල් ගෙඩියක් නොගැසූ කෙනෙක් සොයාගැනීමට බැරි තරමටම එය සාමාන්‍යකරණය වී තිබේ.
කෙනෙක් තම යහපත, වස්දොස් දුරුකර ගැනීම තකා දෙවියන් ඉදිරියේ පොල් ගසයි. තවත් අයෙක් අනුන්ගේ ජීවිතය විනාශවේවා, භංගවේවායි පතමින් පොල් ගසයි.
ඒ කෙසේවෙතත් වර්තමානයේ රටෙහි පවතින අධික පොල් මිල හමුවේ බැතිමතුන් පොල් ගැසීමෙන් වැළකී සිටින බව වාර්තා වේ.
මේ වනවිට කතරගම ප්‍රදේශයේ පොල් ගෙඩියක් රුපියල් 160ක මිලකට අලෙවි වේ.
පොල් හිඟය හේතුවෙන් මේ වනවිට පොල්තෙල් මිල ද ඉහළ ගොස් ඇති අතර, ආගමික ස්ථානවල පහන් දැල්වීම ද අවම වී ඇතැයි පැවැසේ.
සෙල්ලකතරගම ගඟේ ගණදෙවි කෝවිලේ පූජක ජනක දිසානායක සාමිවරයා සඳහන් කර ඇත්තේ, බැතිමතුන් පූජාවට පොල් වෙනුවට තැඹිලි තබන බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart