
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු නව යොවුන් ක්‍රීඩිකා කොකෝ ගෝෆ් අමෙරිකානු විවෘත අවසන් මහා තරගයේදී අරීනා සබලෙන්කා පරාජයට පත් කරමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ගත්තාය.
19 හැවිරිදි ගෝෆ්, ආතර් අෂේ ක්‍රීඩාංගණයේදී 2-6 6-3 6-2 ක් ලෙස තරගය ජයගැනීමට සමත් විය.
2022 ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ ඇගේ එකම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල අවසන් තරගයේදී පරාජයට පත් වූ ඇමරිකානු ක්‍රීඩිකාව, සිය මව්බිමේදී එම ජයග්‍රහණය අත්පත් කර ගත්තාය.
ඒ අනුව ඕස්ට්‍රේලියානු විවෘත ශූරිය වන සබලෙන්කාට සිය දෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව සඳහා තවත් කලක් බලා සිටිය යුතුය.
25 හැවිරිදි බෙලාරුසියානු ජාතික තරුණියට අවම වශයෙන් තමා පළමු වරට ශ්‍රේණිගත කිරීම් හි ලොව අංක එක බවට පත්වීමෙන් සැනසීමට හැකිය.
සඳුදා නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් කරන විට ගෝෆ් වෘත්තීයමය වශයෙන් ඉහළම ශ්‍රේණිගත කිරීම ලබමින් තෙවැනි ස්ථානයට පත්වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart