
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ප්‍රදේශයේ සරසවි සිසු සිසුවියන් පිරිසක් එහි ආදී සිසුන් හා හිතවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති සාදයක් අතරතුරදී හෝටල් සේවකයන් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු දොළොස් දෙනකු පෙරේදා (30) රාත්‍රී අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
ගැටුම අතරතුරදී ආදි සරසවි සිසුවකු පැදවූ වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ හෝටල් සේවකයකු රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
දැනට අධ්‍යාපනය ලබන සිසුන් හා ආදි සිසුන් පිරිසක් අතර හෝමාගම ප්‍රදේශයේ හෝටලයක ඉකුත් 30 වැනිදා සවස මෙම සාදය පවත්වා ඇති අතර, සරසවි සිසුන් ආදි සිසුන් මෙන්ම ඔවුන්ගේ හිතවතුන් පිරිසක් ද සහභාගී වී ඇතැයි දැන ගන්නට ඇත.
මුලින් සිසුන් අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, එය දුරදිග යාමෙන් සුළු ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.
එහිදී එම ගැටුම පාලනය කිරිම සඳහා හෝටල් සේවකයන් මැදිහත්වීමත් සමග සාදය සඳහා සහභාගීවූවන් හෝටල් සේවකයන් අතර ආරවුලක් හටගෙන දෙපාර්ශ්වය එකිනෙකා අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇතැයි කියති.
පසුව එය මඳ වේලාවකින් නිමාවට පත් වුව ද රාත්‍රී 11 පමණ වන විට යළිත් වරක් දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන ඇතැයි පැවැසේ.
එහිදී යළිත් වරක් දෙපාර්ශ්වය අතර පහරදීමක් සිදුව ඇති අතර, ඒ සඳහා ගම්වාසීන් ද පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වීයැයි පොලිසිය කියයි.
ගැටුමේදී හෝටලයේ දේපළ රැසකට ද හානි සිදුව තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස මැදවච්චිය, මාතර, මැදිරිගිරිය, කැකුණවෙල, පිළියන්දල, රාගම, කොස්ගම පදිංචිකරුවෝ වෙති.
ඔවුහු ඊයේ (1) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. (ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart