
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙබරවාරි 8 වැනිදා පැවැති පාකිස්ථාන මහ මැතිවරණයේ දුෂණ වංචා ගැන අවධානය යොමු කර එහි නිවැරදි කිරීම සහතික කරන ලෙස ජමාත්-ඉ-ඉස්ලාමි (Jamaat-i-Islami) පසුගිය අඟහරුවාදා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත.
Idara-i-Noor-i-Haq මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් JI-Karachi ප්‍රධානී Hafiz Naeem ur Rehman, පකිස්ථානයේ ‘ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය’ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබේ.
මැතිවරණ දූෂිතයන්ට එරෙහිව පෙබරවාරි 24 වැනිදා ජමාත්-ඉ-ඉස්ලාමි විසින් රැළියක් පැවැත්වීමට නියමිත බව ද ඔහු පැවැසීය.
“සත්‍යය හෙළි කිරීම සඳහා කරච්චියේ ඡන්ද විමසීම් පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වන ලෙස අපි අධිකරණයෙන් ඉල්ලා සිටිමු. මෙම වංචා මැතිවරණවලට වගකිව යුතු අය හඳුනාගෙන, නඩු පැවරිය යුතු අතර වරදකරුවන් කළ යුතුය.” ඔහු වැඩිදුරටත් පැවැසීය.
එසේම, මේ සදහා වගකිවයුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස හෆීස් නයීම් ද බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart