
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (ClD) ලබාදීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග ඉකුත් දා පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කර තිබේ.
එහි වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.
‘හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කෙරුණු අතර, එම පනත් කෙටුම්පත ඉදිරියේ දී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තුවේ.
එම පනත් කෙටුම්පත සම්මත කෙරුණු පසු හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හැර නිල නිවාස ඇතුළු අනෙකුත් සියලු පහසුකම් අහෝසි වී යයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද කතානායකවරයාට අද හෙටම බාරදීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින විජේරාම මාවතේ නිල නිවෙසේ මීට පෙර පදිංචිව සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
ඊට පෙර තවත් අමාත්‍යවරු කිහිපදෙනෙක් එහි පදිංචිව සිටියහ.
මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත සම්මත වූ පසු තමා විජේරාම මාවතේ නිල නිවෙසෙන් ඉවත්ව යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට පවත්වාගෙන යන්නේ පොලිස් මූලස්ථානය ආසන්න පැරණි ගොඩනැගිල්ලකය.
එහි ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් එම දෙපාර්තමේන්තු නිලධාරිහු දැඩි දුෂ්කරතාවලට මුහුණදෙති.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරිහරණය කරන නිල නිවෙස අයත් භූමියේ ප්‍රමාණය වර්ග අඩි 2,000,025කි.
මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07, විජේරාම නිවසේ හා ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 336කට ආසන්න බවත් එහි මාසික කුලිය රුපියල් ලක්ෂ 46ක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේය.
එම නිල නිවෙස අලුත්වැඩියා කිරීමට කෝටි හතරක් වැයකර ඇති බව ද ඔහු කීවේය.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart