May 3, 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට ආධාර අනුබල ලබාදුන් බවට සැකපිට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවන දේවහුව, වටගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

සැකකරු ‘හරක් කටා’ නමැත්තාට මිනීමැරැම්, කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය වැරදි වැනි අපරාධ සිදුකිරීමට අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැක මතුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.