
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටින් පිටවීමේ තහනම් නියෝගයක් චීනය විසින් පනවා ඇති සහ අන්තර්ජාතික පොලිසියේ ‘සොරාගත් සහ නැති වූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත’ ලේඛනයෙහි සදහන් 53 හැවිරිදි චීන ජාතික කාන්තාවක් ඊයේ රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කර තිබේ .
ඇය ඊයේ රාත්‍රී 09.20 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 213 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ඉන්පසුව ඇය මෙරටට ඇතුළු වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ ආගමන කවුළුව වෙත පැමිණ ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර තිබේ .
එහිදී ඇය ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය අන්තර්ජාතික පොලිසියේ සොරාගත් සහ නැති වූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත ලේඛනයෙහි ඇතුළත් එකක් බව සනාථ වී තිබේ .
ඉන්පසුව මෙම කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සදහා ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා විසින් කටුනායක ගුවන් තොටුපොළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ( Border Surveillance Unit ) නිලධාරීන් වෙත භාර දී තිබේ .
එහිදී මෙම චීන ජාතික කාන්තාව විසින් ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය 2017 වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ වෙනත් චීන ජාතික කාන්තාවකට අයත් එකක් බවත් , ඇයගේ එම ගුවන් ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී අස්ථානගතවී ඇති බවත් , ඉන්පසුව ඇය වෙනත් ගුවන් ගමන් බලපත්‍රයක් මෙරටින් ලබා ගෙන සිය සංචාරය නිමාකර පිටවී ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ .
එසේම ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතික කාන්තාවගේ අත් බෑගය පරීක්ෂා කිරීමේදී , ඒ තුළ තිබී ඇයගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය තිබී සොයාගෙන තිබේ .
ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීමේ දී මෙම කාන්තාවට රටින් පිටවීමේ තහනම් නියෝගයක් චීනය විසින් පනවා ඇති බව ද අනාවරණයවී ඇත.
ඒ අනුව, මෙම චීන ජාතික කාන්තාව අත්අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන්, ඇය ආපසු පිටුවහල් කිරීම සදහා ඇය පැමිණි ගුවන් සේවයේ අදාළ ගුවන් යානය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart