June 5, 2025

මූල්‍ය වංචා චෝදනා මත චීන කාන්තාවක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඕස්ට්‍රේලියාවට සංචාරක වීසා බලපත්‍රයක් ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයකුට රුපියල් මිලියන 1.5 ක් ලබාගැනීම සහ සහ ඇමරිකානු ඩොලර් ලබාදිය හැකි බව පවසමින් රුපියල් 191,600ක් වංචා කිරීම සම්බන්ධයෙන් එම කාන්තාවට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

54 හැවිරිදි චීන කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.