
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනවාරි 3 වැනිදා සිට වසරක කාලයක් සඳහා චීන පර්යේෂණ යාත්‍රාවලට ශ්‍රී ලංකා ආර්ථික කලාපයේ අධ්‍යයනයන් සිදුකිරීම තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් චීනය ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කර ඇති බවට වාර්තා වේ.
චීන පර්යේෂණ යාත්‍රාවක් වන Xiang Yang Hong 3 දකුණු ඉන්දීය සාගරයේ ගවේෂණ කිරීමට සැලසුම් කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
එසේම, මෙවැනි ක්‍රියාකාරකම් නිසා ඇති වන ආරක්‍ෂාව පිළිබඳ කරුණු සඳහන් කරමින් ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් ද මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී තිබේ.
කෙසේවෙතත්, වෙනත් රටක බලපෑමක් මත මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් චීන බලධාරීන් අප්‍රසාදය පළකර ඇතැයි වාර්තා සඳහන් කරයි.
එසේම, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තීරණය පිළිබදව ඉන්දීය ජනමාධ්‍ය ප්‍රශංසාවට ලක්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart