
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන ගුවන් හමුදාවේ විශ්‍රාමික නියෝජ්‍ය අණදෙන නිලධාරී Chang Yen-ting විසින් ඉකුත් දා අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.
ඒ තායිවානයේ උතුරු කෙළවරේ Keelung නගරයේ සිට කිලෝමීටර 76ක් දුරින් චීන හමුදා ගුවන් යානයක් දැකීමෙන් පසුවයි.
එය තායිවානයේ ජනාධිපති කාර්යාල ගොඩනැගිල්ලට ළඟා වීමට මිනිත්තු පහක් ගතවනු ඇති බවට අනතුරු ඇගවීම් නිකුත් වී තිබුණි.
විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම සිද්ධියෙන් අනාවරණ වන්නේ චීනයෙන් තායිවානයට එල්ල වන තර්ජන දිනෙන් දින ඉහල යමින් ඇති බවයි.
පසුගිය වසරේ සිට, චීන හමුදාවේ ගුවන් යානා තායිවානයට ආසන්නයෙන් පියාසර කිරීම ඉහළ ගොස් තිබේ.
එම ගුවන් යානා තායිවානයේ සහ අමෙරිකාවේ විරෝධය නොතකා මනඃකල්පිත මධ්‍ය රේඛාව තරණය කිරීමට පටන් ගෙන ඇත.
චීනය තායිවානය ආක්‍රමණය කිරීමේ උත්සහයක නිරත වන්නේ නම් තායිවාන ජනාධිපති කාර්යාලයට ද චීනය විසින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තායිවාන බලධාරීන් සැක පල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නායකත්වයට බීජිං වෙත එක්වන ලෙස බල කිරීම සඳහා හමුදා භටයන් රට තුළට ඇතුළු කර දේශපාලන හා පරිපාලන කාර්යාල පාලනය කර ගනිමින් සටන් කිරීමට සිදු විය හැකි තත්වයක් සඳහා චීනය සූදානම් වන බවට ද මත පළ වෙමින් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart