May 14, 2025

ඉකුත් ආණ්ඩුව සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අධිකරණයට දැනුම්දී ඇත.

එම නිසා, ඊට පෙර අපේක්ෂිත ඇපයක් මත තමා මුදාහරින ලෙස ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් ගොනුකළේය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින් අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කර තිබේ.