
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය ශ්‍රී ලංකාවට ඇතුළු වීමෙන් එල්ල වන තර්ජනය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාව හසුරුවන ලෙස ඉන්දියාවේ MDMK පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ රාජ්‍ය සභා මන්ත්‍රී වයිකෝ ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.
ආරක්ෂක ඇමැති රාජ්නාත් සිංගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවර පැවති සර්ව පාක්ෂික රැස්වීමක් අමතමින් වයිකෝ පවසා ඇත්තේ, චීනය හම්බන්තොට වරායක් ඉදිකර ඇති බැවින් චීනයෙන් රටට එල්ල වන තර්ජනය මුලින්ම දකුණින් මතුවන බව ඉන්දීය රජය වටහාගත යුතු බවයි.
මේ වන විට ඉන්දීය ධීවරයන් 800කට අධික පිරිසක් මිය ගොස් ඇති බවත්, ධීවරයින්ගේ ජීවිතවලට සහ බඩු බාහිරාදියට ආරක්ෂාවක් නොමැති බවත් පවසමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙමළ ධීවරයින්ට එල්ල කළ බව කියන ප්‍රහාරය සම්බන්ධයෙන් ද ඔහු රාජ්නාත් සිංගේ අවධානය යොමු කළ බව MDMK පක්ෂයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඔහු එහිදී තමිල්නාඩු ආණ්ඩුකාර ආර්.එන්. රවීට චෝදනා කර ඇත්තේ, වෙනත් ප්‍රශ්න ගැන කතාකළ ද අවශ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් කතානොකරන බව පවසමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart