
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේ පිහිටි භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක කුටියක නිදාගෙන සිටි තිස්හය හැවිරිදි චීන කාන්තාවකට අතවර කළේ යැයි කියන එහි සේවකයකු පෙරේදා (24) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය සදහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස් වැව ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි විවාහකයෙකි.
තමා භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ කුටියක නිදාගෙන සිටියදී පුද්ගලයකු පැමිණ අතවර කළ බවට එම චීන කාන්තාව විසින් කරුවලගස්වැව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළිවූ තොරතුරු මත, එම භික්ෂු මධ්‍යස්ථානයේ සේවය කරන පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අතවරයට පත් වූයේ යැයි කියන චීන කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමුකළ බව පොලිසිය සඳහන් කරයි.
කරුවලගස්වැව පොලිසියේ නිලධාරීහු අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart