
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ වරාය නගරයට අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් සිදුකරන බව චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) සභාපතිවරයා තහවුරු කර ඇතැයි, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එම සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් කැපවීමට තහවුරු කළ අතර, තව තවත් රට තුළට ආයෝජන ගෙන ඒමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කර ඇත.
විදේශ ඇමැති අලි සබ්‍රි සිය චීන සංචාරය අතරතුර CHEC සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හමුව ඇත.
කොළඹ වරාය නගරයේ ආයෝජනවල ප්‍රගතිය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.
වරාය නගරය සංවර්ධනය කරනු ලබන්නේ CHEC හි පූර්ණ අනුබද්ධිත CHEC Port City Colombo (Pvt.) Ltd (CPCC) විසින් වන අතර, එය සීමාසහිත China Communications Construction Company Limited (CCCC) හි අනුබද්ධිත ආයතනයකි.
මෙම ව්‍යාපෘතිය සඳහා CPCC මේ වනවිටත් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 කට අධික මුදලක් ආයෝජනය කර ඇති අතර, එය මෙතෙක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති විශාලතම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතිය බව චීනය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart