
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සැදුම්ලත් කණ්ඩායමක් වන බ්‍රික්ස්(BRICS) සංවිධානයට එක්වී එහි සාමාජිකත්වය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට චීනය සූදානමින් පසුවන බව වාර්තා වේ
ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී රුසියාවේ කසාන් නුවර පැවති BRICS සමුළුවේදී ශ්‍රී ලංකාව සාමාජිකත්වය ඉල්ලා තිබිණි.
එහෙත් එම කණ්ඩායම එම මොහෙතේ සාමාජිකයන් ඉහළ නංවා ගැනීමට සැළසුම් කර නොතිබුණු බැවින් ඉල්ලීමෙන් පලක් නොවූ අතර ලංකාවේ අයැදුම්පත පසුව සළකා බලන බව ප්‍රකාශ කෙරිණි.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන එහි මුල් සාමාජිකයන් පස්දෙනාගේ කණ්ඩායම වන BRICS 2024 ඔක්තෝම්බර් මාසයේදී නව සාමාජිකයන් ලෙස ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිගෙන තිබිණි.
එමෙන්ම මෙම වසරේ ජනවාරි මාසයේදී ඉන්දුනීසියාව BRICS කණ්ඩායම සමග එක්වූයේ ඔවුන්ගේ දසවැනි සාමාජිකයා ලෙසය.
BRICS හි වත්මන් සභාපතිධූරය දරන්නේ බ්‍රසීලයයි.
වෙළඳාම සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීම, කෘත්‍රිම බුද්ධිය නියාමනය කිරීම, දේශගුණික විපර්යාසවලට මුහුණදීම: මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා සාමාජික රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම එහි අරමුණු වේ.
මීට පෙර රුසියාව ද ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය සඳහා සහය ලබාදෙන බව පවසා තිබිණි.
අනතුරුව ඉන්දියාව ද පැවසුවේ නව සාමාජිකයන් එක්කර ගන්නා අවස්ථාව පැමිණි විට ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සළකා බැලිය හැකි බවයි.
කෙසේවෙතත් අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය යටතේ BRICS කණ්ඩායම මේ වනවිට දැඩි අභියෝග සඳහා මුහුණ පා සිටියි.
ට්‍රම්ප් පවසා ඇත්තේ බ්‍රික්ස් හවුල ඩොලරය වෙනත් මුදල් ඒකකයක් සමග ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කළහොත් බ්‍රික්ස් රටවල් තම රට සමඟ කරන වෙළඳාම සඳහා සියයට 100 ක තීරුබදු වලට මුහුණදෙනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart