
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝකයේ විශාලතම නිල ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනය මූල්‍ය ගැටළු වලට මුහුණ දෙන රටවලට ණය සහන ලබාදීමට අනෙකුත් පාර්ශව පියවර ගනිද්දී ‘මාර්ග බාධක’ දමන බව භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් චෝදනා කරයි. යෙලන් මේ මේ බව පවසා ඇත්තේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පැවැති එක්සත් ජනපද-චීන සබඳතා පිළිබඳ ප්‍රධාන දේශනයකදී ය.
චීනය වැනි පාර්ශව විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණයන් ප්‍රමාද කිරීම හේතුවෙන් ණයගැතියන් සහ ණයහිමියන් යන දෙපාර්ශ්වයටම සිදුවන පාඩුව විශාල බව ඇය එහිදී පෙන්වාදී ඇත. ණය සහන සහ දේශගුණික විපර්යාස වැනි කාරණා සම්බන්ධයෙන් සාධනීය ලෙස ක්‍රියා කිරීමට චීනය සිය ප්‍රතිඥාව ලබා දෙනු ඇතැයි එක්සත් ජනපදය අපේක්ෂා කරන බව යෙලන් පැවසීය.
යෙලන් එහිදී, ශ්‍රී ලංකාව සඳහා ප්‍රමාදවී හෝ මූල්‍ය සහතික ලබාදීම පිළිබඳව ප්‍රසාදය පළකළ නමුත්, සැම්බියාව, ඝානාව සහ අනෙකුත් රටවල් සඳහා ණය සහන ලබාදීමේදී චීනයේ “පූර්ණ සහභාගිත්වය” දැකගත නොහැකි බවද පෙන්වාදී තිබේ.
යෙලන් මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ, ණයහිමියන් හා ණයගැති රටවල්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සහ පෞද්ගලික අංශයේ ගෝලීය මූල්‍ය නිලධාරීන්, පසුගිය සතියේ වොෂින්ටනයේ දී රැස්ව, දිගුකාලීනව ඇණහිට ඇති විවිධ රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලීන් වේගවත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart