
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආයතන කිසිවක්, රිලවුන් ලක්ෂයක් අවශ්‍ය බව දැනුම්දී ඇති චීන සමාගම පිළිබඳ නිවැරදි තොරතුරු නොදන්නා බව අනාවරණය වේ. කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ චීන සත්වෝද්‍යාන සමාගම හෙවත්, Zhejiang Wuyu Animal Breeding Co. Limited නමැති සමාගම බවයි. වාර්තා සඳහන් කරන ආකාරයට අදාළ චීන සමගම පිළිබඳව සම්පූර්ණ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට දැනුම් දී ඇත්තේ, පරිසරවේදීන් රිලවුන් අපනයනය පිළිබඳව පවතින ගැටළු පෙන්වාදීමෙන් අනතුරුව, පසුගිය සතියේදීය.
‘ටොක් මැකේක්’ නම් ආවේණික රිලවුන් ලක්ෂයක් චීනයට ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවෙන් කර ඇතැයි පැවසෙන ඉල්ලීම පරිසරවේදීන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. ‘සත්ව අභිජනන’ සමාගමක් විසින්, එම සමාගම සතුව පවතින සත්වෝද්‍යාන වෙනුවෙන් මෙම රිලවුන් ඉල්ලා ඇති බව කෘෂිකර්ම ඇමතිවරයා පවසයි.
වාර්තා සඳහන් කරන ආකාරයට, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්, අදාළ චීන සමාගම් නියෝජිතයන් සහ අමාත්‍යාංශ නිලධාරීන් හමුවී සාකච්ඡා වට 03ක් පවත්වා, චීනයට වඳුරන් යැවීමට හැකියාවක් ඇත්දැයි සොයා බලා තිබේ. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ චීන රජයට සම්බන්ධ කිසිදු ආයතනයක් විසින් එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart