
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත චීනය සුබ පැතුම් එක් කර තිබේ.
චීන විදේශ අමාත්‍යංශය පැවසුවේ
ලෝක් සභා මැතිවරණයේදී ඔවුන්ගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, භාරතීය ජනතා පක්ෂය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (එන්ඩීඒ) වෙත සුබ පැතුම් එක් කරන බවයි.
නව රජය සමග ද වඩා හොඳ මෙන්ම ස්ථාවර චීන – ඉන්දු සබඳතාවයක් අපේක්ෂා කරන බව ද චීන විදේශ අමාත්‍යංශය පවසා තිබේ.
දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් පැවසුවේ ඉන්දියාව සහ චීනය අතර සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර සබඳතාවයක් දෙපාර්ශවයේම පොදු අවශ්‍යතාවක් වන බවයි.
එය කලාපයේ සහ ලෝකයේ සාමයට සහ සංවර්ධනයට හිතකර වන බව ද ඇය පවසා තිබේ.
දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව ද ඇය ප්‍රකාශ කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart