
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ආර්ථික විශ්ලේෂක GTRI (Global Trade Research Initiative) ආයතනයේ දත්ත වලට අනුව, 2023-24 මූල්‍ය වර්ෂයේ දී චීනය ඩොලර් බිලියන 118.4 ද්වි-මාර්ග වාණිජ්‍යය කටයුතු සමඟින් ඉන්දියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා ලෙස එක්සත් ජනපදය පසුකර ගොස් ඇත.
ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2023-24 දී ඩොලර් බිලියන 118.3 ක් විය.
2021-22 සහ 2022-23 කාලය තුළ අමෙරිකාව,ඉන්දියාවේ ඉහළම වෙළඳ හවුල්කරුවා වූ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කර ඇත.
වාර්තාවට අනුව, පසුගිය මූල්‍ය වර්ෂයේදී චීනය වෙත ඉන්දියාවේ අපනයන ඩොලර් බිලියන 16.67 දක්වා සියයට 8.7 කින් ඉහළ ගොස් තිබේ.
එම අපනයනය මගින් වර්ධනයක් පෙන්නුම් කළ අංශ අතරට යකඩ, කපු නූල් / රෙදි / අත්යන්ත්‍ර, කුළුබඩු, පලතුරු සහ එළවළු, ප්ලාස්ටික් සහ ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart