
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි විසින් ගොනුකරන ලද අපහාස කිරීමේ පෙත්සමක් සම්බන්ධයෙන් මදුරාසි මහාධිකරණය සිකුරාදා (දෙසැම්බර් 15) ඉන්දීය පොලිස් නිලධාරි ජී. සම්පත් කුමාරට දින 15 ක සරල සිරදඬුවමක් නියම කළේය.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන පරිදි, ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්ම මහාධිකරණයට ද අපහාස වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් දෝනි එම නිලධාරියාට එරෙහිව නඩු පවරා තිබිණි.
2014 වසරේ IPL ඔට්ටු ඇල්ලීමේ සිදුවීමකට දෝනි නම් කළ මෙම නිලධාරියාට එරෙහිව රුපියල් කෝටි 100ක වන්දි මුදලක් ඉල්ලා දෝනි අපහාස නඩුවක් ගොනුකළේය.
කෙසේවෙතත් විනිසුරුවරුන් වන එස්.එස්.සුන්දර් සහ සුන්දර් මොහාන්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණයට කැමැත්ත පළකිරීම සඳහා එම දඬුවම දින 30ක කාලයකට අත්හිටුවන ලදී.
විරෝධතාකරු එවැනි ඉල්ලීමක් කර නොතිබුණද, අධිකරණය විසින් මෙම අත්හිටුවීම සිදුකරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart