May 31, 2025

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වී සිටින බ්‍රිතාන්‍ය ජාතික චාලට් මේ ලී නැවත ජුනි 13 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ලී සිකුරාදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඇය දණහිස දක්වා දිග සුදු පැහැති ඇඳුමකින් සැරසී පැමිණ සිටි අයුරු දැකගත හැකිවිය.

සාක්ෂි කූඩුවට ගෙන ඒමට පෙර ඇයව අධිකරණ ශාලාවේ පිටුපස සිර මැදිරියක රඳවා තබන ලදී.

ඇය පැහැදිලිවම කලබල වී සිටින බවක් ද නිරීක්ෂණය විය.

ලී, තමන් රඳවා සිටින බන්ධනාගාරයේ තත්ත්වය පිළිබඳ බීබීසීයට පවසා තිබේ.

හිටපු ගුවන් සේවිකාවක වන ලී බීබීසීයට පැවසුවේ තම තායි වීසා බලපත්‍රය අලුත් කරනතුරු බැංකොක් සිට කොළඹට ගිය බවයි.

ලීගේ ගමන් මලුවල තිබී ගංජා කිලෝග්‍රෑම් 46ක් සොයාගැනීමත් සමග ඇය අත්අඩංගුවට පත්විය.

දැනට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ඇගේ ජීවන තත්ත්වය විස්තර කරමින් පවසා ඇත්තේ, දවසේ වැඩි කාලයක් ඇතුළත සිටින අතර, නැවුම් වාතාශ්‍රය අවශ්‍ය වූ විට පිටතට පැමිණි හැකි බවයි.

තමන් කෙදිනකවත් බන්ධනාගාරයට ගොස් නොමැති බවත් දැනට කොන්ක්‍රීට් තට්ටුවක් මත වාඩි වී දිවිගෙවන බවත් ඇය සඳහන් කර තිබේ.

තම වර්තමාන දුෂ්කරතා ගැන ඕනෑවට වඩා නොසිතීමට උත්සාහ කරන බව ලී පැවසුවාය.

සිරගතව සිටින අනෙක් කාන්තාවන් ගැන ද කණස්සල්ලට පත්ව සිටින බව ඇය පැවසුවාය.

“ විවිධ රටවලින් පැමිණි බොහෝ දෙනෙක් අවුරුදු දෙක දෙකහමාරක් මෙහි ඉන්නවා. බලන් ඉන්න විතරයි පුළුවන්. කිසිවෙක් කිසි දෙයක් දන්නේ නැහැ.”ලී පැවසුවාය.

ඇය අත්අඩංගුවට ගත් දා සිට ඇගේ පවුලේ අය සමඟ කතා කිරීමට ඇයට නොහැකි වී තිබේ.

ලීගේ නීතිඥ සම්පත් පෙරේරා පවසන්නේ අදාළ රජයේ බලධාරීන් විසින් චෝදනා එල්ල කරන ලද ඖෂධවල ඇත්තේ ඇත්ත වශයෙන්ම නීති විරෝධී ද්‍රව්‍යයක් දැයි තහවුරු කර ගැනීමටද යන්න පිළිබඳ පරික්ෂා කෙරෙන බවයි.

එය පරීක්ෂා කර හැකි ඉක්මනින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නඩු විභාගයෙන් පසු බීබීසීයට අදහස් දක්වමින් පෙරේරා මහතා ඊළඟ පියවර වන්නේ ලී සඳහා ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීම බවත්, එයට මාස තුනක් ගත විය හැකි බවත්ය.

ශ්‍රී ලංකාවේ නීතිය යටතේ, රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයන් සෑම දින 14කට වරක් විනිසුරුවරයකු ඉදිරියේ පෙනී සිටිය යුතුය.

ඇයගේ ඊළඟ අධිකරණයේ පෙනී සිටීම ජුනි 13 වන දින සිදු කෙරේ.