
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සමග හෙට ආරම්භ වන තුන්වැනි එක්දින තරගයට සහභාගිවන බංග්ලාදේශ කණ්ඩායමින් ලිටන් දාස් ඉවත් කර තිබේ.
පළමු එක්දින තරග ද්විත්වයේදී කිසිදු ලකුණක් රැස් නොකර දැවීයාම හේතුවෙන් ඔහු සංචිතයෙන් ඉවත්කර තිබේ.
ඒ වෙනුවට එක්දින වරම් ලබා නොමැති ජකර් අලි තුන්වැනි තරගයට කැදවීමටයි බංග්ලාදේශය තේරීම් කමිටුව තීරණය කර ඇත.
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තුන්වැනි එක්දින තරගය හෙට පෙරවරු 9.30ට අාරම්භ වේ.
මේ අතර, දෙවැනි එක්දින තරගයේදී අබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකට සති කිහිපයක් විවේක ගැන්වීමට සිදුව තිබේ.
ඒ අනුව මධුශංකට තුන්වැනි එක්දින තරගයට සහභාගි විමේ හැකියාවක් නොමැත.
එමෙන්ම ලබන 22 වැනිදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අර්ධයටද ඩිල්ශාන් මධුශංකගේ සහභාගිත්වය අවිනිශ්චිතව තිබේ.
මෙය ඔහුගේ මංගල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරාවලිය වන අතර, ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකිරීමට නියමිතය.
තරග තුනකින් යුත් ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart