
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
90 දශකයේ සුප්‍රකට කතා මාලාවක් වූ ‘ෆ්‍රෙන්ඩ්ස්’හි චැන්ඩ්ලර් බින්ගේ චරිතය රඟපෑමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් මැතිව් පෙරී මියගොස් තිබේ.
ලොස් ඇන්ජලීස්හිදී මියයන විට ඔහු 54 වැනි වියේ පසුවිය.
සිහිසුන්ව උණුසුම් ජල තටාකයක සිටියදී ඔහුව සොයාගෙන ඇති අතර ප්‍රථමාධාර ලබාදී තිබුණද එය සාර්ථක වී නොමැති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මරණයට හේතුව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂක කාර්යාලය විසින් පසුව නිවේදනය කරනු ඇති බව පැවැසේ.
නිව් යෝර්ක් නගරයේ ජීවත් වන තරුණ මිතුරන් හය දෙනකු වටා ගෙතුණු ‘ෆ්‍රෙන්ඩ්ස්’ කතා මාලාව 1994 වසරේ සිට 2004 දක්වා විකාශය විය.
එහි අවසන් කථාංගය එක්සත් ජනපදයේ මිලියන 52.5ක් විසින් නරඹන ලද අතර එය 2000 ගණන්වල වැඩිම පිරිසක් නරඹන ලද රූපවාහිනී කථාංගය බවට පත්ව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart