
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කාන්තා එක්දින ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කළ අතර, ඇයට හිමි සම්මානය ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් චමරි අතපත්තු වෙත පසුගියදා ප්රදානය කරන ලදී.
පසුගිය වසරේ අන්තර්ජාතික එක්දින පිටියේ සියලු ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරින් දක්වන ලද සුවිශේෂී දක්ෂතා අනුව චමරි අතපත්තුට මේ උසස්ම සම්මානය පිරිනැමුවේය.
එක්දින පිතිකරණ ලැයිස්තුවේ ඉහළින්ම තම ස්ථාවරය පවත්වා ගනිමින් හා තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස දස්කම් දක්වමින් ඇය දෙස් – විදෙස් ක්‍රිකට් විචාරකයන්ගේ අවධානය දිනාගැනීමට සමත් වූවාය.
ඇය සිය ෆේස්බුක් ගිණුමේ එම ඡායාරූපය ද සමඟ සටහනක් තබමින් පැවැසුවේ “අවසානයේ මගේ සිහිනය සැබෑවුණා” යනුවෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම ද සිය සිහිනයක් බව චමරි පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඔවුන් මේ වන විට ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන ඇති අතර මේ නිසා චමරිගේ එම සිහිනය ද සැබෑ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart