
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
ඊයේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව අබුඩාබි හි පැවැති අවසන් මහා තරගය ලකුණු 68කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම ශුරතාවට හිමිකම් කියන ලදී.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු 169ක් ලබාගත්තේ කඩුලු 05ක් පමණක් ලබාදෙමිනි.
එහිදී විශිෂ්ඨ පිතිකරණයක නිරතවූ නායිකා චමරි අතපත්තු සිය දෙවැනි අන්තර්ජාතික පන්දුවාර 20 ශතකය රැස්කරනු ලැබු අතර, පන්දු 63කදි ලකුණු 102ක් ලබාසිටියදි ඇය දැවීගියාය.
චමරිගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 04ක් ඇතුළත් විය.
ලකුණු 170ක ජයක් හඹා ගිය ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 101ක් පමණක් රැස්කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart