
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය ජනවාරි පළමුවෙනිදා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබා අප්‍රසාදය පළකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීවට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන ඔක්තෝබර් 21 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.
සිය සේවාදායකයා ඇතුළු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සිදුවී ඇති ඖෂධ වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට අප්‍රසාදය පළකිරීම සඳහා ඔහුගේ නිල නිවස ඉදිරිපිටට ගොස් දොරටුව අසල මල්වඩමක් තැබූ බව සත්‍ය නමුත් නිවසේ පදිංචි කිසිවකුට කිසිම තර්ජනයක් නොකළ බවත් එදින එම ස්ථානයට යාම සහ ක්‍රියාකළ ආකාරය ඇතුළත් වීඩියෝ පටයක් අධිකරණයට ඉදිරිපත් කරමින් චමල් සංජීව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණයට පැවසූහ.
සැකකරුගේ නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ විඩියෝ පටය ලබන ජූලි 21 වැනිදා විවෘත අධිකරණය හමුවේදී ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගන්නයි පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එදින එම නඩුව යළි කැඳවීමට ද නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart