May 22, 2025

පසුගිය වසරේ මැයි හා ජුනි මාසයට සාපේක්ෂව මෙම වසරේ එම මාසයන්හි පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ලුණුවිල පිහිටි ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා පවසයි.

පසුගිය වසරේ පොල් ගෙඩි මිලියන 477 ක අස්වැන්නක් ලැබුණු බවත්, මෙම වසරේ පොල් ගෙඩි මිලියන 555 ක අස්වැන්නක් අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කර තිබේ.

පොල් ත්‍රිකෝණය අවට ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 163 ක් පමණ ස්ථාවර වී ඇති බව සභාපතිවරයා තවදුරටත් පවසා ඇත.