
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදී ඇති යෝජනාවලියේ හාස්‍යජනක කරුණු කිහිපයක්ම ඇතුලත් වන බව දැකගත හැකිය.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ දත්ත ඇතුළත් වාර්තාව තම කොමිසම වෙත ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරයි.
ලංවිම විසින් මෙලෙස කොමිසමට ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් බලශක්ති විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මෙලෙස අදහස් පළ කරයි.
“ඉතාම සරල අන්දමට කළ ගණන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට යම්කිසි මිල අඩුකිරීම් වගයක් යෝජනා කරලා තියෙනවා. යෝජනා කරලා තියෙන මිල දෙස බලපුවාම එහි ස්ථාවර ගාස්තුවත් ඒ වගේම ඒකක ගාස්තුවත් දෙකම අඩු කරලා තියෙනවා.
මේ ඉදිරිපත් කිරීමේ අවසානයේ දක්වලා තියෙනවා ඉතාම හාස්‍ය ජනක කරුණු කිහිපයක්. මූල්‍යමය ගනුදෙනු කරන ආයතන වෙනම කොටස්වලට වෙන්කරලා. මම හිතන ආකාරයට ඉඟි කරන්නේ වැඩි මිලක් අයකරමු කියලා.
ඒ වගේම යෝජනා කරලා තියෙන විදුලි මිල අඩුවීම සාමන්‍යයෙන්… ඒකකයට රුපියලක් වගේ ප්‍රමාණයක් විදුලි මිල අඩුකිරීමක් තමයි කරලා තියෙන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart