November 26, 2025

දුර ගමන් මගී ප්‍රවා­හන බස් රථ ඇතුළු සිය­ලුම බස් රථ සඳහා 2026 ජන­වාරි 1 වැනිදා සිට මූලික මාර්ග යෝග්‍යතා සහ­ති­ක­යක් ලබාගැනීම අනි­වාර්ය කර­මින් නව ගැසට් පත්‍ර­යක් කඩි­න­මින් නිකුත් කරන බව ප්‍රවා­හන මහා­මාර්ග හා නාග­රික සංව­ර්ධන ඇමැති බිමල් රත්නා­යක පව­සයි.

ඒ අනුව මාර්ග යෝග්‍යතා පරී­ක්ෂ­ණය වාර්ෂි­කව සිදුකළ යුතු බවත්, සෑම බස් රථ­යක්ම ඒ සඳහා නිල සහ­ති­ක­යක් ලබා ගත යුතු බවත් හෙතෙම පැවැ­සීය.

අන­තු­රක් හෝ මාර්ගයේ දී සිදු­වන වෙනත් සිදු­වී­ම­කට අදාළ පොලිස් පරී­ක්ෂ­ණ­වල දී මාර්ග යෝග්‍යතා සහ­ති­කය අත්‍ය­වශ්‍ය වන බව සඳ­හන් කළ අමා­ත්‍ය­ව­රයා පරී­ක්ෂණ මධ්‍ය­ස්ථා­න­වල දී තම වාහන පරීක්ෂා කර ගන්නා ලෙස බස් හිමි­ය­න්ගෙන් ඉල්ලා සිටි­යේය.

මහා­මාර්ග ආශ්‍රි­තව බහු­ලව අන­තුරු සිදු වීම හේතු­වෙන් මේ පිය­වර ගත් බව ද කී අමා­ත්‍ය­ව­රයා, බස් රථ ධාව­න­යට එක් කරන්නේ නම් අනි­වා­ර්යෙන්ම යෝග්‍යතා සහ­ති­කය ලබාගත යුතු වන බවත්, ඊට අදාළ ගැසට් නිවේ­ද­නය කඩි­න­මින් නිකුත් කිරී­මට පිය­වර ගන්නා බවත් කීවේය.