
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටෙලිග්‍රාම් පණිවිඩ යැවීමේ යෙදුම අයත් ප්‍රධාන විධායක පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ පෞද්ගලික ජෙට් යානය පැරිසියට උතුරින් පිහිටි Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු ඩුරොව් රඳවාගෙන සිටි බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේය.
නිලධාරීන්ට අනුව 39 හැවිරිදි ප්‍රකෝටිපතියා ඔහුගේ යෙදුමට සම්බන්ධ වැරදි සඳහා වරෙන්තුවක් යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
ඩුරෝව් රුසියාවේ උපත ලැබූ අතර ඩුබායි හි ජීවත් වේ.
ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ප්‍රංශයේ ද්විත්ව පුරවැසිභාවය දරයි.
රුසියාව, යුක්රේනය සහ පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල ටෙලිග්‍රාම් පණිවිඩ යැවීමේ යෙදුම විශේෂයෙන් ජනප්‍රිය වේ.
ඩුරොව්ව වීසින් පරිශීලක දත්ත ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව 2018 දී රුසියාවේ එම යෙදුම තහනම් කරන ලදී.
නමුත් 2021 දී එම තහනම ආපසු ඉවත් කෙරිණි.
මේ අතර රුසියානු නිලධාරීන් කිහිප දෙනෙකු මොහු අත්අඩංගුවට ගැනීම හෙළා දැක තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart