
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව සකස් කිරීමට අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එම්. උදයන්ද හේමපාල සඳහන් කරයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අමාත්‍යාංශයේ සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.
ලේකම්වරයා සඳහන් කරන්නේ, ඊයේ (21) එම සාකච්ඡා පැවති අතර එහිදී විදුලි ගාස්තු සංශෝධනය සහ අදාළ ආයතනවල ක්‍රියාපටිපාටිය පිළිබඳව අවධානය යොමුකිරීමට අපේක්ෂා කරන බවයි.
ඒ අනුව, ඊට අදාළ යෝජනාව ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.
පසුගිය ඔක්තෝබර් 24 වැනිදා විදුලිබල මණ්ඩලය විසින් විදුලි බිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.
මෙම යෝජනාව මගින් සමස්ත විදුලි ගාස්තු 6.6% කින් අඩු කිරීමට යෝජනා කර තිබුණද, එම ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිසම පසුව දැනුම් දී තිබිණි.
මේ හේතුවෙන් නව යෝජනාවක් සකස්කර එය නැවත කොමිසමට ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart