
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විවෘත ලංසු තැබීමේ ක්‍රියාවලියක් සඳහා පසුගිය රජය ආරම්භ කළ සැලැස්ම වෙනුවට ඉදිරියේදී විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඉන්ධන සැපැයීමේ ගනුදෙනුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.
පසුගිය ආණ්ඩුව සිය ධුර කාලය අවසන් වන විට ඉන්ධන සැපයීම සඳහා සංස්ථාව, LIOC සහ Sinopec වැනි විවිධ ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීමට තීරණය කර තිබිණි.
කෙසේවෙතත්, එම තීරණය ලේඛනගත කිරීමේ ක්‍රියාවලිය අනුමැතිය සඳහා අවසන් අදියරට පැමිණෙන විට ආණ්ඩු වෙනසක් සිදුවිය.
විවිධ සැපයුම්කරුවන් අතර සැළකිව යුතු මිල වෙනසක් නොමැති බැවින්, එම තීරණය දිගු කලක් ක්‍රියාත්මක කිරීමට නව ආණ්ඩුව සූදානම් නැති බව පැවැසේ.
විදුලිබල මණ්ඩලයට අනුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය කාලයේ විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සැපයීමේදී ගනුදෙනුවේ ‘අලෙවි නියෝජිත ආන්තිකය’ (dealer margin) පවා අඩුකර නොතිබිණි.
දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ආයතන යන දෙකම බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart