
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මගී ප්‍රවාහන බස් රථවල CCTV කැමරා සවිකිරීම අනිවාර්ය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් තීරණය කර තිබේ.
පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.
මගී බස් රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කිරීමේදී ජීපීඑස් තාක්ෂණය තිබීම අනිවාර්ය කරන ලෙස ද කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මන්ත්‍රීවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මගී ප්‍රවාහන බස්රථවල සීසීටීවී කැමරා සවිකිරීමේ අවශ්‍යතාව මෙම රැස්වීමට පැමිණ සිටි පොලිස් නිලධාරීන් අවධාරණය කළ අතර, ඒ අනුව බස් රථවල සීසීටීවී කැමරා සවිකිරීමට පියවර ගන්නා ලෙස කමිටු සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart