
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයේදී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී පරවියන්, අප්‍රිකානු ලව් බර්ඩ්ස් සහ පියාඹන ලේනුන් මෙරටට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුමේදී ජාවාරම සඳහා යොදාගන්නා ලොරි රථයක් ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තම්මැන්නා නෞකාව වෙත ලැබුණු තොරතුරු මත පදනම්ව, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සහාය ඇතිව පේසාලේ ප්‍රදේශයේදී මෙහෙයුම සිදුකරන ලදී.
ලොරි රථයක් පරීක්ෂා කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුකරන ලද අතර එහි පරවියන් 220 ක්, අප්‍රිකානු ලව් බර්ඩ්ස් 20 ක් සහ පියාඹන ලේනුන් අටදෙනෙකු මෙන්ම පෙති 230 ක් සහ ඖෂධ අඩංගු බෝතල් 40 ක් සොයාගෙන තිබේ.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ත් 44 ත් අතර දඹුල්ල සහ කොළඹ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇත.
සතුන් සහ ලොරිය සමඟ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසියට භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart