
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනා පිළිබඳව පොලිස්පතිධූරයට පත්කිරීමේදී සළකා නොබලන ලෙසට කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් දැනුම්දී ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසමේ අවසන් වාර්තාවේ පැහැදිලිව දක්වා තිබෙන ආකාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම සිදුවීමේදී හුදෙක් පණිවිඩකරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත්, අදාළ තොරතුරු සලකා බලමින් තම රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත් කාදිනල් හිමියෝ පෙන්වාදෙති.
එසේම ප්‍රහාර තර්ජන සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ලැබී ඇති බවත්, ආසන්න ප්‍රහාර තර්ජනය පිළිබඳ තීරණාත්මක තොරතුරු ලැබීමත් සමඟ, ඔහු කිසිදු අමතර පියවරක් ගෙන නොමැති අතර, එවැනි තොරතුරුවලට අදාළ කිසිදු වාර්තාවක් කැඳවීමට අපොහොසත් වී ඇති බවත්, ඔහුට එරෙහිව පියවර ගැනීමට දැනටමත් නිර්දේශ කර ඇති බවත් උන්වහන්සේ පවසා ඇත.
එපමණක් නොව 2022 ජනවාරි 11 වැනි දින සියලුම සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මෙහෙයවූ නිලධාරියා වන්නේද ඔහු බවත්, මෙම අවස්ථාවට පෙරත් පල්ලියේ සේවකයන් අත්තනෝමතික ලෙස සහ පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති බවත් කාදිනල්තුමෝ පවසති.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රතිඵලයට වඩාත්ම වගකිව යුත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව ඇති බවද කාදිනල්තුමන් වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart