
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව නායකත්ව පන්තියකට ජාතිය භාරදීමට තරම් ධෛර්ය සම්පන්න වන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ අද ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
නිදහසේ 76 වැනි වසර නිමිත්තෙන් කොළඹ පැවති දේව මෙහෙයක් අමතමින් කාදිනල් රංජිත් හිමිපාණන් කියාසිටියේ වත්මන් නායකත්ව පන්තිය බලයෙන් පහකළ යුතු බවයි.
“පසුගිය කාලය තුළ අපේ රට පාලනය කළ අය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවට ඔවුන්ගේ අනාගතය ගැන පමණක් සිතුවා. එබැවින් මෙම නායකත්ව පන්තිය ඉවත් කර ඔවුන් වෙනුවට නව නායකත්වයක් ඇති කිරීම අත්‍යවශ්‍ය වෙනවා” යැයි උන්වහන්සේ පැවැසූහ.
සිංගප්පූරු නායකයන් ශ්‍රී ලංකා සගයන් සමඟ සංසන්දනය කළ කාදිනල් හිමිපාණන් කියාසිටියේ, ශ්‍රී ලංකා නායකයන් බලය අල්ලා ගැනීමට සහ බලය රැක ගැනීමට ජනතාවගෙන් ඇතැම් කොටස් යොදාගත් බවයි.
එහෙත් සිංගප්පූරු නායකයන් චීන, ඉන්දියානු සම්භවයක් ඇති සහ මැලේ ජාතිකයන් සියලුදෙනාම එකට එක්කළ බව උන්වහන්සේ සිහිපත් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart