
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අපේක්ෂකයන්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශය රාජ්‍ය රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් එළිදැක්වීමට අවස්ථාවක් ලබා දී ඇති බව වාර්තා වේ.
ඉදිරි ජනාධිපතිරණය සඳහා තරග කරන ජනාධිපති අපේක්ෂකයන්ට සැප්තැම්බර් 06 වැනිදා සිට රාජ්‍ය රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අවස්තාව ලබා දී තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා (22) මැතිවරණ කොමිෂන් සභාවේදී ගුවන් කාලය සඳහා වෙන් කිරීම් සිදු කරන ලදී.
වාර්තාවට අනුව සෑම ජනාධිපති අපේක්ෂකයකුටම තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට විනාඩි 15ක කාලයක් වෙන් කෙරේ.
වෙන් කෙරෙන ගුවන් කාලය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා පමණක් වන අතර වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනයට එය යොදා ගත නොහැකි බව මැතිවරණ කොමිසම අවධාරණය කර තිබේ.
එසේම සෙසු අපේක්ෂකයන්ට මඩ ගැසීම සඳහා ද මෙම ගුවන් කාලය තුළ ඉඩක් නොලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart