December 11, 2025

2025 අයවැය යෝජනාවකට අනුගතව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කිරීම පිණිස ප්‍රමුඛතාව ලබාදීමට 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.

එම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 398.09ක් වේ.

යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සලසා ගනිමින් ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.