June 27, 2025

රියදුරුට හදිසි හෘදයාබාධයක් ඇතිවීම නිසා කන්තලේ නගරයේ දී පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වූ බව වාර්තා වේ.

එම අනතුරින් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක, මාර්ගය අසල වෙළඳසැලක සහ නවතා තිබූ යතුරුපැදි දෙකක ගැටී ඇත.

රියදුරු එම ස්ථානයේදීම හෘදයාබාධයකින් මියගිය බව පොලිසිය පැවසීය.

සිද්ධියෙන් වෙනත් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.