
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ රාත්‍රී කාලයේ මහඔය පොලිස් වසමේ මහඔය අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ. වැවට හැරෙන හන්දිය ආසන්නයේදී මහඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් දරුවන් 08ක් ඇතුළු 22නකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් එක් බස් රථ රියදුරකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart