
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැමියා රාත්‍රි කාලයේ නිවසක් බිඳ සොරාගන්නා ලද රන් භාණ්ඩ බිරිඳ දිවා කාලයේ ගෙනගොස් උකස් කර එම මුදලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.
මොවුන් දෙදෙනා වයස අවුරුදු 42 ක් හා 36 ක්වූ අඹුසැමි යුවළකි.
හොරණ මූලික රෝහලේ ඖෂධ සංයෝජකයකුවූ බුලත්සිංහල, අතුර ,ගුරු ගම්මානයේ පදිංචි අයකු කිසිවකු තම නිවස බිඳ දේපොළ සොරාගෙන ගොස් ඇති බවට කර තිබූ පැමිණිල්ල පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියදී මෙම අඹුසැමි යුවල අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් සොරාගත් රන් භාණ්ඩ බිරිඳ ගෙනගොස් උකස් කර ඒ මුදලින් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන එමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත්ව වු බව පොලිසිය පවසයි.
සැකකාරිය සතුව තිබී උකස් කුවිතාන්සි කීපයක් සහ අදාළ නිවසින් සොරාගෙන තිබූ කරාබු යුගලක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart